Cool Red Outer Glow Pointer

T h e B a b a n i s O r i g i n a l P a g e

ඔබ සැමට ශ්‍රී සුභ වෙෙශාඛ්‍ය මංගල්‍යයක් වේවා!

අලුත්ම තාලේ පෝස්ට් බලන්න

බබානිස් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝවම

බබානිස් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝවම





විහිලු කතා

දේශනය

"ඔබල කි දෙනෙක් ගොස්ට්ස් (ghosts ) ල විශ්වාස කරනවද? කෝ බලන්න.එහෙම විශ්වාස කරන අය අත උස්සන්න බලන්න." දේශකයා ශාලාව දෙස තියුණු බැල්මක් හෙළා විමසුවේය.
ශාලාවේ සිටි පිරිස අතරින් අඩක්ම වගේ අත එසවූහ.
"හොඳයි ..ඇත්තටම ගෝස්ට් ලව දැකල තියෙන කට්ටිය අත උස්සන්න බලන්න."
එවර කලින්ට වඩා අඩු ගණනක් අත එසවූහ.
"තැනක් යු ...දැන් ගෝස්ට් ලව අල්ලලා තියෙන අය කරුණාකරලා අත උස්සනවද?.." දේශකයාගේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ තුන් හතර දෙනෙකුගෙන් පමණි .
"බොහොම ස්තුත්යි.. .ඔබලාගෙන් කව්රු හරි ගෝස්ට් ල සමග ලිංගික සම්බන්දකමක්..යම් ආකාරයකට හෝ ලිංගික සම්බන්දකමක් පවත්වල තියෙනවද?" ..ඒ ප්‍රශ්නයත් සමගම ශාලාවේ පැතිර ගියේ දැඩි නිහඩ බවකි.විනාඩියක් දෙකක් ගතවී යත්ම ශාලාවේ ඈත කෙලවරකින් එක අතක් පමණක් එසවුණි .
හින්දෑරි , කිසිම ප්‍රියජනක නොවන, කැත කෙට්ටු කාන්තාවක් අත ඔසවාගෙන සිටියාය.
දේශකයා ශාලාවේ මැදටම ගොස් එම කාන්තාව ඇමතුවේය. සෑම දෙනාගේම නෙත් ඒ දෙසට යොමුව තිබුන බැවින් ඇය බිමටම යොමු කර ගත නෙත් ඇතුව සිටියාය.
"මේ ගැන ප්‍රසිද්දියේ ...මේ ශාලාවේදී පැවසීමට ඔබ කිසිසේත්ම බියවිය යුතු නෑ ,අපි සෑම දෙනාම අඅභූත අස්වාභාවික දේවල් ගැන උනන්දුවක් දක්වන අය.ඉතින් මම ඔබතුමියගෙන් අහන්නේ ඔබ ගෝස්ට් කෙනෙක් සමග ලිංගික ඇසුරක් පවත්තුවද කියලයි...!!"
ඇය තිගැස්සී ඇත පහලට දැමුවේ මෙසේ කියමිනි.
"ඔ...සොරි ...මට ඇහුනේ ඔබ ගෝට් (goat ) කියනවා කියලයි.."
Admin - Gayan Anuruddha


ගැහැනියක් ලෙස නාන ක්‍රමය

-ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.
-සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
-මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
-කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
-වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
-බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
-දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
-ග්‍රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
-ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
-අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
-කන්ඩිශනර් සෝදා හරින්න.
-කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
-වතුර මල වසන්න.
-බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
-රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
-තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න.
-නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.
-මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.

පිරිමියෙක් ලෙස නාන ක්‍රමය 

-ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
-හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
-මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
-කන්නාඩියෙන් ජුන්ඩා නරඹා, එහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.
-වතුර මල වෙත යන්න.
-මුහුණ සෝදාගන්න.
-කිහිලි සෝදන්න.
-සද්දෙට හූරන ගමන්, නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
-අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
-වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.
-සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.
-කොන්ඩෙට ෂැම්පූ දමන්න.
-ෂැම්පු බෝල පුම්බන්න.
-චූ කරන්න.
-තමාගේ ගායන හැකියාව පෙන්වමින්, හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
-බාගෙට පිහදාගන්න.
-ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.
-ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.
-තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.
-මගදී බිරිඳ දුටුවොත්, තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
-තෙත තුවාය ඇඳට විසි කරන්න.
 Admin - Gayan Anuruddha


මංගල යෝජනාව

සිරිපාලගේ ලොකු ලමයත් දෑන් කරදඩු උස් මහත් ඌ ගජ ඉලන්දාරියා.සිරිපාලගේ බිරින්දෑත් දෑන් ටික ටික අසනිප ගානේ.අවුරුදු පනහක්,පනස්පහක් විතර වෙනව උන්දෑගෙ වයසත්,ගෙදර වෑඩපොල කාරිය කොරගන්ඩ අපහසු තත්වයකුයි දෑන් උදාවෙලා තියෙන්නේ.දෙන්න දෙමහල්ලො තීරණය කලා කොල්ලට පෙලවහක් කොරලා දෙන්ඩ. කොල්ලා ලොකු රස්සාවක් කොරන්ඩ තරම් සුදුසුකම් නෑතත්,සිරිපාල කොරගෙන ආපු වියාපාරය කොලුවට භාර දෙන්ඩ සිරිපාල තිරණය කරල,
යාලුවෙක් ගෙනා මංගල යෝජනාවක් බලන්ඩ ගම්පහ පෑත්තේ නිවසකට ගියාලු. ගෑණු ලමයගෙ පියා රජයේ උසස් රෑකියාවක් කරන කෙනෙක්ලු,කොහොම නමුත් මණමාලයා අතුලු කණ්ඩායම නිවසට යනවිට ඉතාම ගරු සම්පන්නව ආයුබෝවන් කියා පිලිගෙන, නිවසේ සාලයේ දෙපාර්ශවයම සතුටුසාමිචියේ කතා බස් කරමින් දෙපාර්ශවයේම විස්තර හුවමාරු කරගන්නා අතර ගෑණුලමයගේ පියා මෙම කටයුත්ත කෙරෙහි පෑහෑදිමක් නොවුනද,එ කිසිවක් අගවන්නේ නෑතිව කුලුපගුව කතාබහේ නියෑලුණෙය.ඒ අතරතුර තේ පානය සදහා ආරදනාද, ලෑබුනි.
තේ පාණය කර නෑවත වරක් සාලයට පෑමිණි ණෑදෑ හිතමිත්‍රාදින් නෑවත වතාවක් කතාඹහට වෑටුණි.
නවීණ පන්නයේ රූපවාහිණී,ඉතා වටිනාකමින් යුත් සෝෆා සෙටියකින්න් හෙබි මෙම නිවස සිරිපාලට දිව්යලෝකයක් විය.ඔහුගේ පුතාටත් එසේම උනාට කිසිම සෑකයක් නෑත.හුරතලයට හෑදුණු පොමනේරියන්වර්ගයේ බලු පෑටියෙක් මනමාල කොලුවා සිටි පුටුව යටසෑප නින්දේ වුනි.
ඔහොම ඉන්න අතරතුර මනමාල කොලුවට ලොකු අකරතෑබ්බයක් සිදු විය.කිසිවෙකුකට කිවනොහෑකි නමුත් ඔහුට දරා ගත නොහෑකි අදෝ වායුව ශබ්දය නොඈසෙන පරිදි පිටකලේ කාටත් හොරෙන්ය.ශබ්දය නො ඈසුනාට ගන්දය මුලු සාලය පුරාවටම විහිදුණි.මනමාල කොලුවාට කිසිවක් කරකියාගත නොහෑකිවී අසරන උනි.ඒත් සමගම ගෑහනු ලමයගේ පියා පුටුව යට සිටි බල්ලාට චිප් බල්ලා යන හඩින් ඈමතිමෙන් මනමාල ලොලුවගේ ඉහේ මලක් පිපුනා වෑනිය.සියල්ල බල්ලගේ ගිණුමට බෑර වී යෑයි සිතු හෙයිනි.
පෑය භාගයක් යන්නට පෙර නෑවත වතාවක් පෙර පරිදිම අවශ්යතාවයක් දෑනුණි.ශබ්දය එලියට නොයන පරිදිපෙර සේම ඔහුගේ වායුව වාතයට මුසු කලේ.සියල්ල බල්ලාගේ ගිණුමටබෑර වේයෑයි සිතා ගෙනය. නමුත් සියල්ල වෙනත් අතකට හෑරුණි.
බල්ලො විජහට නෑහිටලා පලයන් නෑතිනම් ඕකා උඹේ ඈගට රෙයි
නෑදෑ සියලම උඩ බිම් බලන්නට විය
 .......මගුලද සිදු වුයේ නෑත......
 Admin - Gayan Anuruddha


ආචාරශීලීව මූත්‍රා කරමු!

පන්තියේ උගන්නන ගමන් ටීචර්ට හිතුනා මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.
“මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්‍රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ?”
මයිකල් කියනවා, “විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්!”
ටීචර් – ” අපෝ එහෙම කියන එක කැතයි, ඒ වගේම ආචාරශීලි නෑ. හොඳයි සමන් කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ?”
සමන් – “සමාවෙන්න, මම චුට්ටකට බාත් රූම් එකට ගිහින් එන්නද?”
“ඒක නම් ටිකක් හොඳයි. ඒත් කෑම මේසේදි බාත් රූම් කියන වචනේ කියන එක ටිකක් හරි මදි. කමක් නෑ, පුතා කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ කියලා?” ටීචර් රංචාගොඩ දිහාට හැරෙන ගමන් කිව්වා.
රංචාගොඩත් නැගිටලා උත්තර දුන්නා, ” මයි ඩියර්, මට විනාඩියකට සමාවෙන්න. මම හොඳට අඳුනන යාලුවෙක් එක්ක ශේක් හෑන්ඩ් (අතට අත දීලා) කරලා ඉක්මනට එන්නම්. මං බලාපොරොත්තු වෙනවා රෑ කෑමෙන් පස්සේ එයාව ඔයාට අඳුන්නලා දෙන්න!”
ටීචර් සිහි නැතුව ඇදන් වැටුනලු!
 Admin - Gayan Anuruddha


වඳුරයි - බිලියඩ් බෝලෙයි

ඔන්න මනුස්සයෙක් ඉන්නවලු මිනිහගේ හුරතලේට ඇති කරන වදුරා තමයිලු මිනිහගේ හැම ගමනක් බිමනක්ම යන්නේ.
ඔන්න පොඩි ෂොට් එකක් දාගන්න කියලා වදුරත් එක්ක බාර් එකකට ගිය මිනිහා වදුරව අත ඇරලා මිනිහගේ වැඩ පටන් ගත්තලු,
දෙය්යනේ කියලා නිදහසක් හම්බෙච්ච වදුරගේ වැඩේම අරෙහෙට දුවනවා මෙහෙට දුවනවා අතට දකින දකින හැම මගුලම අල්ලනවා,ඕක බලන් හිටපු බාර් එකේ අය්තිකරයාට මේක වැඩිය ඇල්ලුවේ නැති නිසා වදුරා කරන හැම රෙද්දම බලාගෙන හිටියලු.

ඔන්න එක පාරටම වදුරා බිලියඩ් බෝර්ඩ් එක ලගට ඇවිල්ල අතට අහුවෙච්ච බිලියඩ් බොලේ කටේ දාගෙන ගිල්ලලු, ඕක දැකපු අයිතිකාරයට මලපනපි ගියා මනුස්සයා ගාවට

"ඔයි තමුසෙගෙ වදුරා මාර පොරක්නේ ඔයි මගේ බිලියඩ් බෝලයක් ගිල්ලානේ "කිව්වම මිනිහ කිව්වලු

"අය්යෝ ගණන් ගන්න එපා මම බීපු ඒවාටයි බිලියඩ් බෝලේටි ගෙවන්නම් ඕක අතැරලා දාන්න කියල"
අයිතිකාරයත් කට පියාගෙන ගියාලු.

ඔන්න දෙවැනි දවසෙන් ඩබලම බාර් එකට ආවලු එදත් අර වදුරාගේ වැඩේම පිස්සු කෙලින එකලු මේක දිහා ටිකක් බලාගෙන හිටපු අයිතිකාරයා දැක්කලු වදුරා එක පාරටම ලග තිබ්බ චෙරි ගෙඩියක් අරන් එක පස්ස පැත්තේ තියල කටේ ගෙන ගිලිනවා.

ඔය අප්පිරිය වැඩේ දැකපු අය්තිකරයට මාර අවුලලු,ගිහිල්ල ඇහුවලු මනුස්සයගෙන් විස්තරේ

"තමුසෙගෙ වදුරා මර හිරිකිත වැඩනේ ඔයි කරන්නේ අර චෙරි ගෙඩිය උ පු*ගහගෙන කටේ දල ගිල්ලානේ"
මිනිහ කියපි

"ආ ඔව් එදා අර තමුසෙගෙ බිලියඩ් බොලේ ගිල්ල දවසේ ඉදන් ඌ කන මොකක් උනත්
 උගේ පු******කේ සියිස් එකට මැච් වෙනවද බලල තමයි කන්නේ"""
 Admin - Gayan Anuruddha


උගුරක්

සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය. 
‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’ 
එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය. 
‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’
 Admin - Gayan Anuruddha


දරුණු කැස්ස

කිසියම් රෝගයකින් පීඩා විඳින තම ගවයා සුවපත් කර ගැනීම පිණිස තේගිරිස් පශු වෛද්‍යවරයකු හමු විය.

“මෙන්න මේ බේත රෑට, ඌට පොවන්න ඕනෙ. පත්තර පිටුවකින් බම්බුවක් හදලා, ඒකෙ එක කොනක් ගොනාගෙ කටට ඇතුල් කරලා, බම්බුවට බෙහෙත් කුඩු දාලා අනික් කොනෙන් පිඹින්න. එතකොට බෙහෙත උගෙ උගුරටම වැටේවි.” පශු වෛද්‍යවරයා උපදෙස් දෙමින් කීවේය.

පැය කීපයකට පසු දරුණු කැස්සක් සහිතව තේගිරිස් පශු වෛද්‍යවරයා හමුවේ පෙනී සිටියේ ය.

“ඇයි මොකද වුණේ? ඔහේ මම කිව්ව විදියට ගොනාට බෙහෙත දුන්නෙ නැද්ද?” වෛද්‍යවරයා පුදුමයට පත්ව ඇසීය.

“දොස්තර මහත්තයා කියපු විදියටම කළා. ඒත් මම බම්බුවට පිඹින්න කලින් ගොනා පිම්බා” තේගිරිස් මහත් අසීරුවෙන් පිළිතුරු දුන්නේ ය.
 Admin - Gayan Anuruddha


සතාගෙ හැටි

තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.
බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.
ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..
තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
දැනට අවුරුද්දකට විතර ඉස්සර
"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"
"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.
 Admin - Gayan Anuruddha


ෆොටෝෂොප් (Photoshop)

එක් කාන්තාවක් පැරණි පින්තූරයක් ද රැගෙන ඡායාරූප ශාලාවේ කවුන්ටරය හමුවේ පෙනී සිටියේය.
‘මේ මගෙ මැරිච්ච මහත්තයගෙ පින්තූරේ. ඒක හොඳට පැහැදිලිව ලොකු කර ගන්ඩ මට ඕනෙ.’ කවුන්ටරයේ සිටි කළමනාකරු අමතා ඇය කීවාය.
‘ඔව් නෝනා, අපිට පුළුවන් ඒක කරලා දෙන්ඩ.’ කළමනාකරු කීවේය.
‘හැබැයි මේකෙ දාලා තියෙන තොප්පියට මං කැමැති නැහැ. ඒක අයින් කරලා දෙන්ඩ ඕනෙ.’ කාන්තාව කීවාය.
‘ඔව් ඒකත් කරලා දෙන්ඩ පුළුවනි. නෝනා කරුණාකරලා මට කියනවද මහත්තයා කොහොමද කොන්ඩේ පීරලා තිබුණේ කියල.’ කළමනාකරු විමසීය.
‘ඒක නං මට හරියට මතක නෑ. ඉතින් තොප්පිය අයින් කළාම ඔයගොල්ලන්ටම ඒක බලා ගන්ඩ පුළුවන් නෙ.’ කාන්තාව තොදොල් බසින් කීවාය.
 Admin - Gayan Anuruddha


Types of කොක්කු

පාලම් කොකා - කෝලම් මඩු වල බිත්තර දමයි

පත්තු කොකා - කොත්තු කෑමට කෑදර කොකුන් විශේෂයකි.

පස් ඇට කොකා- කොස් ඇට කෑමට රුචි විශේෂයකි.

පස්කොල කොකා- කොස් කොලයක් මෙන් වැහැරීගිය කොක් වර්ගයකි

පට්ට කොකා- කොට්ට මත බිත්තර දමන විශේෂ කොක් වර්ගයකි.

පට්ටම් කොකා- කොට්ටම් ගස්වල ලගින කොක් විශේෂයක්.

පාඳුරු කොකා- ඉතාම කුඩා කොක් විශේෂයක්

පාච්චි කොකා- ඉතා දිග කොකුන් වර්ගයකි. දුම් රිය ස්තාන වල බහුලව වෙසේ.

පාදු කොකා - අඩි-කෝදු මත කූඩු සාදන කොක් විශේෂයකි.

 පා කොකා - ඉතාම විරල වඳ වී යාමට ආසන්න කොක් විශේෂයක්.
 Admin - Gayan Anuruddha


උඩුරාවණ කතා 1

හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ , මං හිතන්නේ මේ පින්වත් දායක පිරිස කැමති වෙයි කියල මේ අපේ උඩුරාවන උපාසක මහත්තයට ප්‍රති උත්තර දෙන්න ඉඩ සැලස්සුවොත් කියල.

"කැබිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."

උඩුරාවන - අනේ හාමුදුරුවනේ මට පුරුද්දක් නෑ.

හාමුදුරුවෝ - ප්‍රති උත්තර දෙන්න පුරුද්දක් ඕන නෑ උපාසක මහත්තයෝ මං බණ කියනකොට වාක්‍යයෙන් වාක්‍යයට එහෙමයි හාමුදුරුවනේ කියන එක විතරයි තියෙන්නේ.

හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.

වටාපත මෑත් කල හාමුදුරුවෝ - උපාසක මහත්තයට එහෙයි කියන්න අමතක වෙලා වගේ යයි කියා උඩුරාවන දෙස බැලීය.

උඩුරාවන - හාමුදුරුවනේ මට හරියට අහගන්න බැරිඋනා

හාමුදුරුවෝ - ඔන්න යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්...

උඩුරාවන - හාමුදුරුවනේ යටගිය දවස කියන්නේ ?

හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ හුගාක් ඈත තීතයේ

උඩුරාවන - ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේද ?

හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.

උඩුරාවන - දළ වශයෙන් බුද්ධ වර්ෂ

හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් මන් මේ කියන්නේ.

උඩුරාවන - හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?

හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. ඔච්චර විස්තර දන ගන්න ඕන නෑ. ඇයි උපාසක මහත්තය ඉස්කෝලෙදි ඉගෙනගෙන නැද්ද බරණැස් නුවර බ්‍රහ්මදත්ත ?

උඩුරාවන - මං අහල තියෙනවා හාමුදුරුවනේ හැබැයි හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමා කියවෙන්නේ. මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කියලයි. මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .

හාමුදුරුවෝ - මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් බිසෝවරු.

උඩුරාවන - මගේ බුදු අම්මෝ (උඩුරාවනට නැගිට්ටුනි, අසල සිටි උපාසක මහත්වරු උඩුරාවන පහතට ඇද වාඩි කර වුහ.යටි සිතින් බ්‍රහ්මදත්තයා ගැන ඉරිසියාවෙන් පුපුරමින් , මට එක බිරිදක් හොයාගන්න මගුල්කපුවන්ට බැරි එකේ එක් ලක්ෂ අනුහය දාහක්!)

හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක්වත් කැවද ?

උඩුරාවන - නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?

හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි

උඩුරාවන - සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුවට වෙන වැඩක් තියෙන්න නැතිව ඇති රජ්ජුරුවන්ගේ බිසෝවරු ගණන් කර කර ඉන්නවා මිසක්.

හාමුදුරුවෝ - එහෙම දෙපාර්තුමේන්තුවක් තිබුනේ නෑ ඒකාලේ

උඩුරාවන - එහෙනම් කව්ද ගණන් කලේ?

හාමුදුරුවෝ - එහෙම ගණන් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ ඒ කාලේ.

උඩුරාවන - හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ

හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.

උඩුරාවන - මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේ කොහොමද ? එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?

හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...

උඩුරාවන - දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පාලනය කලේ ? උන් සන්තෝෂ කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට තියෙයිද?

හාමුදුරුවෝ - ඒ උනාට රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.

උඩුරාවන - කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල?

හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.

උඩුරාවන - අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?

හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .

උඩුරාවන - එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගොරක ගෑනු. එතකොට හාමුදුරුවනේ එහෙම ලස්සන ගෑනු දැක්ක පලියට බැඳ ගන්නවට රජ්ජුරුවන්ගේ අම්මා තාත්තා මොකුත් කීවේ නැද්ද ?

හාමුදුරුවෝ - එහෙම විරුද්ධ වෙන්න නරක බිසෝවරු තොර ගත්තේ නෑ .

උඩුරාවන - අපි එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා කතා කලත් අම්මා කචල් දානවා. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හොඳයි අපිට නරකයි.

හාමුදුරුවෝ - දැන් අපි බණ.

උඩුරාවන - හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?

හාමුදුරුවෝ - ඒක මං දන්නේ නෑ .

උඩුරාවන - හාමුදුරුවනේ ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට වේලාවක් තිබුනද රට පාලනය කරන්න?

හාමුදුරුවෝ - මං දන්නෑ උපාසක.

උඩුරාවන - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් රජ කළා කියල.

හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල ප්‍රති උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නමේ. මොකක්ද මේ කරන විකාරය?

උඩුරාවන - එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ.

හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?

උඩුරාවන - අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ? කාලෙන් කාලෙට අඩු වැඩි ....

හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?

උඩුරාවන - (ශබ්ද නගා) එහෙයි හාමුදුරුවනේ.


බබාලට මොකද වෙන්නේ

එක්තරා කාන්තාවක් තම පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් යනවා ගෙදර.හරියට වහිනවලු මේ වෙලාවේ.
වැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.මේ ගොල්ලන්ගේ වාහනේ එක පාරක ටිකක් හෙමින්ලු යන්නේ.මේ පාරේ ගනිකාවෝ පෝලිමට ඉන්නවලු මිනිස්සු අල්ලගන්න

මේ පොඩි බබා අම්මගෙන් අහනවලු " අම්මේ මේ ආන්ටිලා මොකද මේ පාරේ කරන්නේ

අම්මා කියනවා " ආ පුතේ ඒ අය ඒ ගොල්ලන්ගේ හස්බන්ඩ්ලා එන්කම් ඉන්නවා"

ටැක්සි ඩ්‍රැයිවර් පිටිපස්ස හැරිලා " නෑ බබො, මේ ගොල්ලේ සල්ලිවලට සෙක්ස් කරන ගනිකාවෝ" කියලා මේකා අම්මට කියනවා "පොඩි අයට අපි ඇත්ත කියන්න ඕනී මැඩම්"

බබා ඇස් උඩ ගිහිල්ලා. අම්මා කේන්තියෙන් බලන් ඉන්නවා ටැක්සී කාරයා දිහා

එතකොට මේ බබා ටිකක් වෙලා ගිහිල්ලා අහනවා
"එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මි"

අම්මා එකපාරම් කියනවා " ආ පුතා උන් ටැක්සි ඩ්‍රයිවර්ලා වෙනවා ලොකු උනාම"

ටැක්සි කාරයා කටවහගෙන වේගයෙන් ඩ්‍රයිව් කරනවා



මධුසමයේ පරීක්ෂණය

තම විවාහය සඳහා සූදානම්ව සිටි තරුණයෙක් තම හිතවත් දොස්තර කෙනෙක් හමුවී මෙසේ ඇසීය.

"දොස්තර මහත්තයෝ, මම කොහොමද දැනගන්නෙ බඳින එකී නොඉඳුල්ද කියලා??"

"හොඳයි, ඔහේට මේකට ඕනා කරන දේවල් 3ක් තියෙනවා... නිල් තීන්ත් බෝතලයක්, රතු තීන්ත බෝතලයක් හා ශවලක්" දොස්තර පැවසීය.

‍ඒ‍‍ය අසා පුදුමයට පත්වූ තරුණයා මෙසේ ඇසිය,

"මොකක්??, මම මේවයින් මොනව කරන්න්ද??"
පිළිතුරු වශයෙන් දොස්තර මෙසේ පැවසීය,

"මධුසමයට කලින්, ඔහේගෙ ඇ* දෙකෙන් එකක් රතුවටත් අනික නිවලිනුත් පාටකරගන්න. ඕක දැක්කම ගෑනි මෙහෙම කිව්වොත්"

"මේක තමයි මම දැකපු වෙනස්ම ඇ* දෙක!!

අනික් පැත්තට ශවල අරන් ඔළුවටම දෙන්න!!!

3 comments:

  1. විහිලු කතා ටික මරු....මගේ බ්ලොග් එකෙත් විහිලු කතා ටිකක් තියෙනව. පුලුවන්නම් ඇවිත් කියවල බලන්න. ----------> විහිලු කතා

    ReplyDelete
  2. නියම කතා ටික. ඔහොමම ලියන්න.

    ReplyDelete